Full width home advertisement

Post Page Advertisement [Top]





ලෝකේ එන්න එන්නම ඉදිරියට යද්දී ලොකු කාමර වල දාල තිබුණු කොපියුටර් අතේ ගෙනියන ගානට පොඩි වෙලා. අලුත් කොම්පියුටින් ක්‍රම ඇවිත්. මේ කොම්පියුටර් වලට අපේම කියල ප්‍රෝග්‍රෑම් ලියන්න පාවිච්චි කරපු ක්‍රම ගොඩක් අලුත් වෙලා. මනුස්සයටත් මේ කොම්පියුටර් වලටත් දෙපැත්තටම සාධාරණ හයි ලෙවල් පරිගණක භාෂා බිහිවෙලා.

අපි, මේ පරම්පරාව හරිම වෙනස් කඩයිමක් පහුකරන පිරිසක්. අපේ කාලේ තමයි අපි අදටත් දකින තාක්ෂණික ක්‍රම විප්ලවීය විදිහට වෙනස් වෙන්න පටන් ගත්තෙ. මං පුංචි උදාහරණයක් දෙන්නම්. ඉස්සර මතකද ඉන්ටර්නෙට් එක? ඔය කාලේ තිබුනේ ඩයල් අප් කනෙක්ෂන් කියන ජාතිය. මේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවේ වේගය ඒ කාලේ උනේ තප්පරේට කිලෝබිට්ස් 56 ක් විතර. නැත්නං ගොඩක් වෙලාවට ඊටත් වඩා අඩුවෙන්.


කොහොමද සැප??
හැබැයි ඔය තිබ්බ තත්වය බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා හඳුන්වාදීමත් එක්ක හිතාගන්න බැරි විදිහට වෙනස් උනා.

ඇයි මං මේ පරණ කතාවක් ඇද්දේ?


හරි  මේකයි හේතුව,
මගෙන් ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි අපි මේ කෝඩින් කියන දේ ඉගෙන ගන්න ඕනි මොන විදිහට ද කියන එක. තව අහපු ගොඩක් අයට ප්‍රශ්නයක් තිබුන කොහෙන් පටන්ගන්නද කියන කරනාවත්. ඒ වගේම මේ අයට පුංචි බයක් හිතේ තිබුණ. ඒ තමන්ට කෝඩින් බෑ කියන බය. මං අද ඔයාලට කියල දෙන්නම් මේකේ පලවෙනි කරුණු දෙක. හැබැයි මේකේ අන්තිම කාරණේ , නැත්නං බය නැති කරන වැඩේ නං මට කරන්න බැහැ. ඒක ඔයාලටම කරගන්න වෙන දෙයක්.

ඇත්තටම කෝඩින් ඉගෙනගන්න ඕනේ මොන විදියටද?
මේකට මං ගාව තියෙන උත්තරේ නං බොහොම සරළයි. ඔයා කොහොම කෙනෙක් ද වෙන්න කැමති?ඔයා ආසා මොනවටද?

මං පොඩි කතාවක් කියන්නම්. මේක මගෙ යාළුවෙක් ගැන. මගෙ මේ යාළුවට කෝඩින් පේන්න බැහැ. ඒත් ඌ මේ වැඩේටත් ආසයි. මිනිහට කෝඩින් අල්ලන්නේ නැති උනාට ඌ පට්ට චිත්‍ර කාරයෙක්. මොන හේතුවක් හින්දද මන්දා මිනිහට පොඩි ඉවක් තිබුන තමන් යන්න ඕනේ පැත්ත ගැන. මං හිතන්නේ ඒ 2014 දි වෙන්න ඕනේ. මගෙ මේ යාළුවා UI ප්‍රොටෝටයිපින් ඉගෙනගන්න ගත්තා. වින්ඩෝස් මැෂින් එකට ඇපල් VM එකක් කොහොම හරි දාගෙන Sketch කියන ඇප් එකේ තමා මුලින්ම ඉගෙනගත්තෙ. පස්සේ XD වලත් වැඩ කරන්න ගත්ත. දැන් අවුරුදු 4ක් ගෙවිල. මගෙ මේ යාළුවා FIVERR කියන ෆ්‍රීලාන්ස් නෙට්වර්ක් එකේ ඉහලම මට්ටමේ UI ප්‍රොටෝටයිප් ඩිසයිනර් කෙනෙක්. මම අමාරුවෙන් මාසෙකට  ඉලක්කම් පහක ගානක් හොයද්දි  අදටත් මිනිහා ඉලක්කම් හයක ගානක් වැඩි අමාරුවක් නැතිවම හොයනව.

තව මගෙ යාළුවෙක් ඉන්නව. අපි ගොඩක් අය C# වලට අකමැති වෙද්දී පොරගේ එකම පැතුම උනේ C# සහ SQL සර්වර් එක. කොටින්ම කිව්වොත් ෆෝන් එක පවා මයික්‍රෝසොෆ්ට්. මේ  වෙද්දී මගෙ මේ යාළුවා .NET ඉහල මට්ටමේ දැනුමක් තියෙන කෙනෙක්. තාම අවුට් වෙලාවත් නැහැ (මේ කවුද කියල කට්ටිය දන්නව). 

ඉතිං මං මේ කිව්වේ කොහොමද ඔයා යන්න ඕනේ පැත්ත හොයාගන්නේ කියල. ඔයාගේ ආසාව පස්සේ යන්න.

තනියෙන් ඉගෙනගන්න ? ඒ ඇයි?

ඔව් පුළුවන් තරං තනියෙන් ඉගෙනගන්න. තනියෙන් ඉගෙනගත්ත දෙයක් තමන් ට ගොඩක් වටිනව. ඒ වගේම තමන් තනියෙන් ලබාගන්තු දැණුමක තියෙන ප්‍රායෝගික බව අනිත් විදියට ඉගෙන ගත්තම තියෙන ප්‍රයෝගික බවට වඩා ගොඩක් වැඩියි. මේක සමහරක් විට ඔයාලටම දැනිලත් ඇති. අද ලෝකේ ගොඩක් දියුණුයි. හිතන්න ඔයාට ජාවා ඉගෙනගන්න ඕනේ කියල, යන්න යූ ටියුබ් එකට ඇති ඕනේ තරං ටියුටෝරියල්ස්. පොඩි සර්ච් එකක් දාන්න ගූගල් එකේ. ඕනේ තරං ආටිකල් ඇති.

තව වැදගත් දෙයක් තියෙනව. තමන්ට ගැටළුවක් ආහම කෙනෙක් ගෙන් අහන්න කියල සම්මතයක් තියෙනව නෙ. හැබැයි ඔය කතා ගොඩක් දුරට වලංගු වෙන්නේ නැහැ අද කාලෙට. මගෙ නං පෞද්ගලික අදහස ඔයා ඔයාව මහන්සි වෙනකං ම එපා වෙනකං ම අදාළ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. එහෙම කරලත් හම්බුනේම නැත්නං තව පාරක් ට්‍රයි කරලා කාගෙන් හරි අහන්න.
මං මෙහෙම කියන්න හේතු තුනක් තියෙනව. පලවෙනි එක තමා තමන්ම හොයාගත්ත උත්තරේක තියෙන ආශ්වාදය කවුරුවත් දුන්න උත්තරේක නැහැ. දෙවෙනි හේතුව තමා ඔයා පිස්සෙක් වගේ ප්‍රශ්න අහන්න ගියොත් සමාජය ඔයාව අමුතු ඇණයක් විදිහට දකීවි. තුන්වෙනි කාරණය තමා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප. දන්නේ නැති දෙයක් අහන මනුස්සය මෝඩයෙක් ය කියල පිළිගැනීමක් තියෙනව ලංකාවේ.



කොහෙන් පටන්ගන්න ද?

හිතන්නකෝ මහෙම. ඔයා ආසයි ජාවා ස්ක්‍රිප්ට් පැත්තට. ඉතිං ඔයාට ජාවා ස්ක්‍රිප්ට් ඉගෙනගන්න පුළුවන්. ඉගෙන ගන්න ෆ්රන්ට් එන්ඩ් ෆ්‍රේම්වර්ක් ටිකක්. JQuery එහෙමත් නැත්නං පරණ AngularJS. අන්න ඔයාගේ ආරම්භය හරි. ඊට පස්සෙ?  ඔය ඉන්න තැනම නං නතර වෙන්න එපා කොහොමටවත්. ඔයාල දන්නව ඇති AngularJS කියන එක ගොඩක් වෙනස් උනා කාලයත් එක්කම. Angular JS සම්පුර්නෙන්ම වගේ වෙනස් වෙලා Angular කියල තදයෙක් ආව එයාගේ තැනට. මේ අලුත් Angular කලින් හිටපු AngularJs වගේ නෙවේ. මෙයා කොම්පෝනන්ට් විදියට හැදෙන්නෙ. Type Script කියන Java Script වලට වඩා ඉහලින් ඉන්න කෙනෙක්  තමා මෙයාව ප්‍රෝග්‍රෑම් කරන්න පාවිච්චි කරන්නෙ. Type Script පාවිච්චි කරද්දී ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් දැනන් ඉන්න ඕනේ. ඉතිං ඔයාට සිද්ද වෙනවා Type Script ඉගෙනගන්න. ඒ වගේම OOP දන්නේ නැත්නම් ඒවත් ඉගෙනගන්න. හරි දැන් බාගයක් හරි. දැන් අපි ඩේටා එක්ක වැඩකරන්නත් ඕනි. මේකට සර්වර් සයිඩ් පැත්තත් ඕනේ. ඔයාල PHP J2EE වගේ දන්නව නං ඒක ටිකක් සයිඩ් එකෙන් දියුණු කරගන්න. එහෙමත් නැත්නං බහින්න NodeJS වලට. ඉගෙනගන්න Expree JS එක්ක Socket IO. ඔන්න දැන් ඔයාට යමක් කමක් තේරිලා. තනියෙන් ගේමක් නැතුව APP එකක් හදාගන්න පුළුවන් වෙලා. ඒ වගේම  Full Stack Development කියන එකත් ඔයාල යම් මට්ටමකට ප්‍රගුණ කරල. දැන් ඔයාල ටිකක් බැලන්ස් වෙලා ඉන්නෙ.දැන් තව තව අලුත් දේවල් ඉගෙනගන්න (React , React-native , Electron JS...).

අලුතෙන් එන ට්‍රෙන්ඩ් එකට සෙට් වෙන්න


මේ කියන දේ කලින් කියපු දේවල් වලත් තියෙනව. උදාහරණයක් විදියට මං AngularJS | Angular ගැන කියපු කතාව. අපේ රටේ හරි ලෝකේ හරි ට්‍රෙන්ඩ් එක යන පැති බලන්න. උදාහරණයක් විදියට දැන් ලොකු කතාවක් තියෙනව Ai , BigData , Decentralized Computing ගැන. Decentralized Computing දන්නේ නෑ ? හරි බිට් කොයින් බ්ලොක් චේන් වගේ වචන ගැන එහෙම අහල ඇති නෙ ඒ උනාට. සර්ච් කරලා බලන්න ඔය ටොපික් එක. Big Data ,  Ai කරන්න ආසා නම් Python වලට පොඩි පදනමක් දාගන්න (Anaconda , numpy , scipy) වගේ ලයිබ්රි ටිකක් ඉගෙනගන්න. තව Google Tensor Flow ඉගෙනගන්න. තව තියරි පැත්ත හදාගන්න. පොත් කියවන්න පුළුවන් නම්.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]

| Designed by Colorlib